
2021 දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති මිසිස් වර්ල්ඩ් තරඟයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කළ බවට චෝදනා එල්ල වන නඩුවේ තුන්වැනි සාක්ෂිකාරිය වන ආශ්‍යා බස්නායකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ වරෙන්තුවක් නිකුත් කළාය.
හිටපු මිසිස් වර්ල්ඩ් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රා සැකකරුවන් ලෙස නම්කරමින් මෙම නඩුව පවරා තිබූ අතර දෙවැනි සාක්ෂිකරු වන චන්දිමාල් දැනටමත් අධිකරණය ඉදිරියේ සාක්ෂි දී තිබේ.
පෙර අධිකරණ සැසියේදී සාක්ෂි දීමට ආශ්‍යා බස්නායක කැඳවා තිබූ අතර, ඇයට නොතීසි නිකුත් කරන ලදී.
කෙසේවෙතත්, ඇය අධිකරණයේ පෙනීසිටීමට අපොහොසත් වූ බැවින්, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කළේය.
ආන්දෝලනයට තුඩුදුන් විවාහක රූපරාජිණී තරගාවලියේ කැරොලයින් ජූරි පුෂ්පිකාගෙන් කිරුළ ගළවා දෙවැනියා වූ ආශ්‍යා බස්නායක හට කිරුළ පැළඳවූ නිසා ඇයගේ සාක්ෂි අවශ්‍ය වී තිබේ.
ආශ්‍යා දේශපාලක බිරියකි.
පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද වන ඇය එක් දරු මවකි.