two-women-and-a-young-girl-were-killed-when-a-three-wheeler-carrying-07-people-collided-with-a-bus-in-madampe

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ ඉරිදා රාත්‍රී 9 ට පමණ සිදුවූ දරුණු අනතුරකින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පවුලක මවක්, අවුරුද්දක දරුවෙකු සහ ඥාති දියණියක ඇතුළු තිදෙනෙකු මරණයට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය වාර්තා කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ තලවිල සිද්ධස්ථානයේ පැවති මාර්තු මංගල්‍යයකට සහභාගී වී ආපසු මිනුවන්ගොඩ බලා ගමන් කරමින් සිටි ඩීසල් වර්ගයේ ත්‍රිරෝද රථයක් කොළඹ සිට හලාවත බලා ගමන් කරමින් තිබූ බස් රථයක ගැටීමෙනි.


මාදම්පේ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර තොරතුරු දෙමින් පවසා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ කුඩා දරුවන් ඇතුළුව හත් දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි. මරණයට පත්වූ කුඩා දරුවාගේ පියා ඇතුළුව තවත් තිදෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති බවද පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පිරිස තලවිල මංගල්‍යයට සහභාගී වී ආපසු මිනුවන්ගොඩ බලා ගමන් කරමින් සිටියදී අධික වාහන තදබදය මධ්‍යයේ මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය තවදුරටත් ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන අතර, ප්‍රමාණය ඉක්මවා ත්‍රීරෝද රථවල මගීන් පටවායාම නිසා වන අනාරක්ෂිත ස්වභාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මෙම සිදුවීම නැවත වරක් පෙන්නුම් කරයි.