Samsung Co-CEO Han Jeong-hee dies of sudden heart attack at 63

දකුණු කොරියානු සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම අඟහරුවාදා (මාර්තු 25) නිවේදනය කළේ සම-ප්‍රධාන විධායක නිලධාරී හන් ජොන්-හී හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි. මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ, පසුගිය සතියේ පත් කරන ලද නව ප්‍රධානියා වන ජුන් යන්ග්-හියුන් දැන් දකුණු කොරියාවේ විශාලතම සමාගම වන සැම්සුන් හි තනි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්ව ඇත.


වයස 63ක් වූ හන්, මීට වසර 3 කට පෙර  2022 වසරේදී දකුණු කොරියාවේ විශාලතම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ අතර, එහි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් සහ ජංගම උපාංග අංශයේද ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
මණ්ඩල සාමාජිකයෙකු ද වූ හන්, හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී අඟහරුවාදා රෝහලකදී මිය ගිය බව සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. සැම්සුන් සමාගම තවමත් අනුප්‍රාප්තිකයෙකු පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශකයා එකතු කළේය.

හන් සැම්සුන් සමාගමට බැඳුනේ වසර 40කට ආසන්න කාලයකට පෙර අතර, එහි රූපවාහිනී ව්‍යාපාරයේ සිය වෘත්තිය ගොඩනගා ගත්තේය.


ජුන් පසුගිය සතියේ පැවති වාර්ෂික කොටස්කරුවන්ගේ රැස්වීමේදී සැම්සුන් හි සම-CEO ලෙස පත් කරන ලද්දේ 2024 දී ඔහු සමාගමේ අර්ධ සන්නායක අංශය මෙහෙයවීමට උසස් කිරීමෙන් පසුවයි. මෙම අංශය ගෝලීය කෘතිම බුද්ධි චිප් වෙළඳපොළේ එස්කේ හයිනික්ස් සහ TSMC වැනි තරඟකරුවන්ට පිටුපසින් සිටියි.ඔහු දැන් දුර්වල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන චිප් ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීම සහ වෙළඳ අවිනිශ්චිතතා හරහා සමාගම මෙහෙයවීමේ වගකීම දරයි.
සැම්සුන් 2025දී මෝටර් රථ ඉලෙක්ට්‍රොනික් වෙළඳපොළේ තම පැවැත්ම පුළුල් කිරීමට උත්සාහ කරන බවද මූලාශ්‍ර පවසා ඇත.