
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව සිනමාවට නැගීමට සැලසුම් කරමින් සිටින අතර, ඊට අමතරව කෙටි චිත්‍රපටයක් සහ චරිතාපදානය ඇතුළත් කෘතියක් ද නිකුත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.
මෑතකදී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට චරිතාපදාන චිත්‍රපටයේ සැලසුම් සකස් කරමින් පවතින බවයි. මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එම චරිතාපදානයේ කොටසක් ලෙස ඔහුගේ ළමා කාලයේ තොරතුරු ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය රඟපෑමට කැමති ඕනෑම කෙනෙකුට එම අවස්ථාව හිමි වනු ඇති බවත් සඳහන් කළේය.
ලාංකීය දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරින් සිනමා පටයක් නිර්මාණය කිරීමට නියමිත බවට මීට පෙර ද තොරතුරු වාර්තා වී තිබිණි. 'Thawthisa Pictures' ආයතනය වෙනුවෙන් මොහාන් පෙරේරා මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍රපටයේ තාක්ෂණික අංශ සඳහා ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය සහ යුද සමය පාදක කරගනිමින් නිර්මාණය කෙරෙනු ඇති බව පැවසේ.
වාර්තා වන පරිදි, මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව අළලා සිනමා නිර්මාණයක් පමණක් නොව, පුළුල් ව්‍යාපෘතියක් ලෙස චරිතාපදානයක් ද එළිදැක්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval