
ටෙස්ලා, බොස්ටන් ඩයිනමික්ස් සහ 1X වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් මෙම විශේෂ තරඟය සඳහා ඔවුන්ගේ රොබෝවරුන් ඉදිරිපත් කරන බව දැනටමත් දන්වා ඇත. තරඟයට සහභාගී වීම සඳහා රොබෝවරුන් මිනිස් ස්වරූපයෙන් යුක්ත විය යුතු අතර,
උස මීටර් 0.5 සිට 2 දක්වා විය යුතුය. තවද පාද දෙකක් මත දිවීමට හෝ ඇවිදීමට හැකියාව තිබිය යුතුය. මිනිසුන් මෙන්ම යන්ත්‍රද ඔවුන්ගේ කාර්ය සාධනය අනුව මුදල් ත්‍යාග සඳහා තරඟ වදිනු ඇත.
විශේෂඥයින්ගේ මතය අනුව මිනිස් ක්‍රීඩකයින්ට තවමත් යාන්ත්‍රික තරඟකරුවන්ට වඩා වාසියක් ඇත. යන්ත්‍රවල වේගය පැයට කිලෝමීටර 8 සිට 12 දක්වා මන්දගාමී පරාසයක පවතී. කෙසේ වෙතත්, අර්ධ මැරතන් තරගයකට නියමිත සැතපුම් 13 හෙවත් කිලෝමීටර 21.1ක දුර පැය එකහමාරක් තුළ සම්පූර්ණ කිරීමට නම් සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 14ක් පවත්වා ගත යුතුය.
මීට අමතරව, බැටරි ධාරිතාව තීරණාත්මක සාධකයක් වනු ඇති අතර, තරඟය අතරතුර බැටරි මාරු කිරීමට අවසර ඇත.
ක්‍රීඩා තරඟවලට රොබෝවරු සහභාගී වන්නේ මෙය පළමු වතාව නොවේ. 2023 දී, දකුණු කොරියානු සතර පා රොබෝවරයෙකු වන ලෙයිබෝ 2, එක් බැටරි ආරෝපණයකින් සම්පූර්ණ මැරතන් තරඟයක් නිම කළ පළමු රොබෝවරයා බවට පත්විය. කෙසේ වෙතත්, ද්විපාද රොබෝවරුන්ට පමණක් සහභාගී විය හැකි බැවින් මෙම තරඟයට සහභාගී වීමට එයට නොහැකි වනු ඇත.
චීන රොබෝවරයෙකු වන ටියැන්ගොං, 2023 ඔක්තෝබර් මාසයේදී යිෂුවාං අර්ධ මැරතන් තරඟයේදී ඡායාරූප සැසියක් සඳහා මිනිස් ක්‍රීඩකයින් සමඟ මීටර් 100ක් පමණක් දිව ගියේය. මෙම අවස්ථාවේදී එම යන්ත්‍රය සම්පූර්ණ තරඟය නිම කිරීමට උත්සාහ කරනු ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval