
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට සෙත් පතා දින හතක් පුරාවට සිදු කෙරෙන පිරිත් දේශනා මාලාවේ තෙවන දිනය ඊයේට යෙදිණි.
ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකා සභාපති, බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විජේරාම නිල නිවසට වැඩම කරමින් සෙත් පතා දින හතක් පුරාවට පිරිත් සජ්ඣායනයක් පවත්වනු ලබයි.
මේ දිනවල කතාබහක් පවතින්නේ මෙම නිල නිවසින් මහින්ද පිටව නොයා දිගටම රැඳී සිටීම ගැනයි.



