
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස පක්ෂය විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය ඇති වී ඇත්තේ පසුගිය දිනවල ඇය විසින් සිදුකරන ලද මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙනි.
පසුගිය 16 වැනි දින කෙසෙල්වත්ත, ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකදී මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙම කරුණ තහවුරු කළාය. "මට කණගාටුයි, මාධ්‍යයට කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් ලැබී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි," යනුවෙන් ඇය පැවසුවාය.
මීට ඉහත පසුගිය දෙසැම්බර් මස "බොරුව ඇත්ත කිරීමටත්, ඇත්ත බොරුව කිරීමටත් හැකිය" යන කතාවක් කියූ ඇය සමාජ මාධ්‍යයේ උපහාසයට ලක්වූ පසුව එම වදන සනාථ කිරීම සඳහා මුහුණු පොතේ ඇය ගැන බොරුවක් පළ කළ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුණි මහතා නිලන්ති තමා සමග රූම් ගිය බවත් 20000 ක් ගත් බවත් කියා සිටියේය.
මෙම ප්‍රකාශය නිසා අගතියට පත් නිලන්ති තාමාට එරෙහිව සමාජ මාධ්‍යයේ අපහාසාත්මක පළකිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරුවාය. පසුගිය ජනවාරි 03 වැනි දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග විය.
සැකකරුගේ අපහාසාත්මක පළකිරීම හේතුවෙන් පැමිණිලිකාරිය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර, ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පවසා තිබුණි.
පැමිණිලිකාරියට ලිංගික හිංසනයක් කිරීමේ අරමුණින් සැකකරු චේතනාන්විතව අසත්‍ය අපහාසාත්මක කරුණු පළකර ඇති අබව කියමින් පොලිසිය රවීන්ද්‍ර නම්මුණි අත්අඩංගුවට ගෙන තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval