ganemulla-sanjeewa-murder-update

අද (පෙබරවාරි 19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගනේමුල්ල සංජීව නම් පුද්ගලයා ඝාතනයට ලක්වූ අතර නඩු විභාගය අතරතුර සංජීව විත්තිකූඩුුවේ සිටියදී නීතීඥයෙකු ලෙස එම ස්ථානයට පැමිණි සිටි පුද්ගලයා පිස්තෝලයකින් සංජීවට වෙඩි තබා තිබුණි.


ඔහු වෙඩි තැබූ පිස්තෝලයද එතැන බිම වැටී තිබුන අතර සංජීවට වෙඩි තැබූ පසු ඔහු පළාගොස් තිබේ.

නීතිඥවරයකු ලෙස වේශ නිරූපණය කළ පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය හඳුනාගත් අතර සැකකරුට පිටවන්නට ඉඩ නොදී අල්ලාගන්නට සිදුවීමෙන් පසු අධිකරණ භූමිය තාවකාලිකව ආවරණ කලාපයක් බවට පත්කරන ලදි.


කෙසේ වෙතත් දහවල් 12 වනතුරුත් පළාගිය සැකකරු අල්ලාගන්නට පොලිසියට හැකිව නැත. මෙම මෙහෙයුම සඳහා පොලිස් සුනඛයින්ද යොදාගෙන ඇත.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරය අධිකරණ භූමිය තුළින් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබූ අතර
අධිකරණයට අද දින පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබියදී මේ ආකාරයට සන්නද්ධව කෙනෙකු ඇතුළුවිම ගැටලු මතුකරයි. අධිකරණ භූමියේ සිටින පුද්ගලයින්ගෙන් මාධ්‍ය කළ විමසීම් අනුව සියලු දෙනා පරීක්ෂා කර අත්සන් ලබාගෙන භූමියට ඇතුළු කළ බවද ප්‍රකාශ කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලීසිය සඳහන් කරන්නේ සැකකරු සොයාගැනිමට සීසීටීවී දර්ශන අනුව කටයුතු කරන බවයි. එම පුද්ගලයාගෙ ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කර ඇත.



ගනේමුල්ල සංජීව යනු දිවයිනේ ප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අතර, නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන ඇවිත් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල විය.
වෛද්‍ය වාර්තා අනුව සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති අතර, හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී මියගියේය.

සිද්ධියෙන් පසු අධිකරණ සංකීර්ණය වටා දැඩි ආරක්ෂක වළල්ලක් ස්ථාපිත කර ඇති අතර, විශේෂ පොලිස් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

අධිකරණ භූමියට ඇතුළුවන අවස්ථාවේ ආරක්ෂක කැමරා මගින් සැකකරුගේ රූප සටහන් වී ඇති අතර, ඔහු නීතිඥ ඇඳුමින් සැරසී සිටි බව තහවුරු වී තිබේ. එම ඡායාරූපය පහතින්