
ජාඇල උස්වැටකෙයියාව මුහුදු තීරයෙන් වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් හමු වීමක් හා නිට්ටමුවේ නිිවසක යුවළක් කපාකොටා දමා තිබෙන සිදුවීමක් වාර්තාවී තිබේ.
ජාඇල පොලිස් බල ප්‍රදේශයට අයත් උස්වැටකෙයියාව මුහුදු තීරයෙන් මළ සිරරක් හමුුවීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. එහිදී වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකුගේ මෘත දේහයක් හමු වී ඇති අතර, මෘත දේහයේ වෙඩි වැදුණු සලකුණු කිහිපයක් දක්නට ලැබී ඇති බව පොලිස් නිලධාරීන් පවසයි. මෙම පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර, මේ වන තෙක් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් යුවළක් තුවාල ලබා ඇති අතර,
නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් සඳහන් කරන පරිදි, පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පිරිමියෙකු සහ කාන්තාවක් තියුණු ආයුධවලින් ප්‍රහාරයට ලක්ව ඇත. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ යුවළ හදිසි ප්‍රතිකාර සඳහා වතුරුපිටිවල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නිට්ටඹුව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval