
2022 වසරේදී අරගල සමයේදී ඥාණක්කාගේ නිවසට සහ සිද්ධස්ථානයට සිදු වූ හානි සඳහා හිටපු රජය රුපියල් මිලියන 28 ක වන්දියක් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ගෙවන ලද රුපියල් මිලියන 1,221 ට අමතරව පසුගිය රජය පළාත් පාලන දේශපාලනඥයින්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 1,125 ක් ගෙවා ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
පසුගිය පාලන සමයේදී ජනාධිපති කොමිෂන් සභා 14ක් පත් කර ඇති බවත්, මෙම කොමිෂන් සභා සඳහා රුපියල් මිලියන 530.1ක් වැය කර ඇති නමුත් එම 14 න් වඩා වේගයෙන් ක්‍රියාත්මක වූයේ අරගල වන්දි ලබාදෙන කොමිසම පමණක් බවත් ඔහු පැවසීය. අනෙක්වා බොහොමයක් නාස්තිකාර ඒවා බව කීය.
වන්දි කොමිසම ඉතා ඉක්මණින් ක්‍රියාත්මකවී රනිල් රජය අවසන් වන්නට පෙර කාටත් රහසේ වන්දි ලබාදී ඇති බව කීය.
මන්ත්‍රීවරුන් ඇමතිවරුන් හැර වන්දි ලබාගත් අයගේ ලැයිස්තුව ඉදිරියේදී හෙළිකරන බව කී ඇමතිවරයා ඉන් කොටසක් පමණක් හෙළි කළේය.
කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 696, සමන්ලාල් ප්‍රනාන්දු මොරටුව නගරාධිපති 7344000, එම නගරාධිපතිගේ පුත් රමේශ් ප්‍රනාන්දු 1888300
සහ 246, ඉසුරු පුර නිදහස් මාවත අනුරාධපුර දේවාලයේ පදිංචි ඩබ් එම් ඥානවතී (ඥාණක්කා) ටරුපියල් ලක්ෂ 280 ක් ගෙවා ඇති බව ඔහු කීය.
කොමිසම් සඳහා අනවශ්‍ය ලෙස වියදම් කර ඇතිවා මෙන්ම ඒවායින් ඵලදායි ලෙස ජනතා ප්‍රශ්න විසඳා නැති එවක රජය මෙම වන්දි ගෙවීම වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කර ඇති බව පැවසීය.