
පෙබරවාරි 13 දිනට යෙදුන 'ලෝක රේඩියෝ දිනය' වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි ශිල්පීන්ට උපහාර පිදීමක් ඊයේ සිදුකර තිබුණි. ඔවුන්ගේ නිවෙස් වලට ගොස්, ඔවුන්ගේ සැපදුක් සොයා බලා ඔවුන් ඇගයීම මෙහි අරමුණ වූ අතර මේ සඳහා ලක් FM නාලිකාවේ කණ්ඩායමක් කටයුතු කර තිබුණි. මේ සඳහා සරසවි පොත් ප්‍රකාශකයින් හා සීමෙඩ් පුද්ගලික රෝහල දායකත්වය සපයා තිබුණි.
රත්නා ලංකා අබේවික්‍රම, දයා ද අල්විස්, පාලිත පෙරේරා, නිව්ටන් ගුණරත්න,ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියසිරි විතානගේ හා කරුණාරත්න අමරසිංහ යන ශිල්පීන්ට උපහාර පිදූ අවස්ථාවේ ඡායාරූප පහතින්


