one-hour-power-cut-today-13-here-is-the-schedule
ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, අද දින (පෙබරවාරි 13) සවස 5.00 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් සඳහා දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සියලුම ජනන යන්ත්‍ර තවමත් අක්‍රීය තත්ත්වයේ පැවතීම හේතුවෙනි.
හෙට (පෙබරවාරි 14) දින වන විට නොරොච්චෝලේ බලාගාරය නැවත ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වනු ඇති බවට විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කර ඇත.