
කොළඹ සිට කොහුවල දිශාවට ගමන් කරමින් සිටි මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක හැපී අනතුරට ලක්ව ඇති අතර, එම අනතුරෙන් පසු වාහනය ගිනි ගෙන තිබේ. පෙබරවාරි 17 වන දින අලුයම 3.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
පසුගිය සතියේ දිනෙක පාන්දර යාමයේ පාමංකඩ හන්දියේදී වාහනයක් හැපී ගිනිගත්අයුරු මාධ්‍ය වාර්තා පළවූ අතර එම සිදුවීම ගැන වැඩි තොරතුරු දැන් හෙලිව ඇත.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වූ තාක්ෂණ විශේෂඥවරියක් පැදවූ වාහනයක් මෙම අනතුරට ලක්විය.
ඇය අවන්හලක පැවැති සාදයකින් පසු මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින් සිටියදී පාමංකඩ ප්‍රදේශයේදී විදුලි කණුවක හැපී ගිනිගෙන තිබුනි. රජයේ දේපළවලට හානි කිරීම හේතුවෙන් වැල්ලවත්ත පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වාර්තා වලට අනුව, සැකකාර කාන්තාව පෙබරවාරි 17 වන දින රාත්‍රියේ අවන්හලක පැවැති සාදයකට සහභාගී වී ඇති අතර, එහිදී මත්පැන් පානය කර ඇත. පසුව පෙබරවාරි 18 වන දින අලුයම 3.45 ට පමණ තම නිවස බලා යමින් සිටියදී, පාමංකඩ-කොහුවල මාර්ගයේ මැද දූපතේ පිහිටි විදුලි කණුවක ගැටී ඇත. මෙම අනතුර හේතුවෙන් ඇයගේ මෝටර් රථය මාර්ගයේ අනෙක් මං තීරුවට විසි වී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
අනතුරෙන් පසු රියැදුරු අසුනේ සිටි කාන්තාව මෝටර් රථයෙන් බැස ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණවලදී අදාළ කාන්තාව මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, අත්අඩංගුවට ගත් කාන්තාව නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා මත්පැන් පානය කර රිය පැදවීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය අවධාරණය කරයි. මත්පැන් පානය කර රිය පැදවීම නිසා සිදුවන මාර්ග අනතුරු සහ දේපළ හානි වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval