
සඳුදා දවල් කාලයේදී කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැසීමට උත්සාහ කරමින් සිටි ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්විය. කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී කිසිදු ප්‍රාණ හානියක් සිදු නොවූ බව වාර්තා වේ.
මෙම සිදුවීමට හේතුව තවමත් පැහැදිලි නොවන අතර, කාලගුණික තත්ත්වයන් මීට බලපෑ බවත්, නැතහොත් ගුවන් යානය එහි ගමන් මඟ තිබූ යම් දෙයක ගැටී තිබිය හැකි බවත් විශ්ලේෂකයින් පෙන්වා දෙයි. කැනඩා බලධාරීන් විසින් දැන් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ගුවන් ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (ටීඑස්බී) විසින් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සවිස්තරාත්මක පරීක්ෂණ වාර්තාවක් ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval