
ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හිදී පැවැත්වුණු 2025 ෆිල්ම් ඉන්ඩිපෙන්ඩන්ට් ස්පිරිට් සම්මාන උළෙලේ රතු පලසය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තාරකාවන් රැසකගේ සහභාගීත්වයෙන් අති සාර්ථක විය. මෙහිදී ඩෙමි මූර්, එම්මා ස්ටෝන් සහ එලිසබත් ඕල්සන් වැනි ප්‍රවීණ නිළියන් ඔවුන්ගේ සුවිශේෂී ඇඳුම් පැලඳුම් රටාවන්ගෙන් රතු පලස වර්ණවත් කළහ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙල ස්වාධීන චිත්‍රපට කලාවේ සුවිශේෂී නිර්මාණ ඇගයීමට ලක් කරන අතර, එහි රතු පලස සැරසිලි සඳහා සිනමා තාරකාවන් විශේෂ අවධානයක් යොමු කරති. මෙවර උළෙලේදී ද ඔවුන් නවතම මෝස්තර නිර්මාණකරුවන්ගේ අනන්‍ය නිර්මාණ තම සිරුරට හුරු වන පරිදි තෝරාගෙන තිබිණි'
මෙම උත්සවය හොලිවුඩ් සිනමා කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එහි රතු පලස සැරසිලි ලෝක මෝස්තර කර්මාන්තයේ නව මාවතක් නිර්මාණය කිරීමට ද දායක වේ.


