
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් පොලිතීන් භාවිතය අවම කිරීමේ උත්සාහයක් ලෙස නව ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ලන්ච් ෂීට් වෙනුවට පදම් කරන ලද කෙසෙල් කොළ භාවිතා කිරීමට යෝජනා කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම වැඩසටහන පිළිබඳව කරුණු අනාවරණය කළේය. මෙය පරිසර හිතකාමී විසඳුමක් ලෙස හඳුන්වා දෙන අතර, ගෘහස්ථ හා වාණිජ මට්ටමේ ආදායම් මාර්ගයක් ලෙසද ක්‍රියාත්මක කළ හැකි බව එතුමා පෙන්වා දුන්නේය.
ව්‍යාපෘතියේ තාක්ෂණික පැත්ත ගත් කල, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විශේෂ යන්ත්‍රයක් හඳුන්වා දී ඇත. මෙම යන්ත්‍රය මගින් දිනකට කෙසෙල් කොළ 2500ක් පමණ සැකසීමේ හැකියාව පවතී. මෙම යන්ත්‍රය දැනට දෙහිවල පිහිටි ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇත.
ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනී ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර සපයමින් පැවසුවේ මෙය ගොවි ජනතාවට අමතර ආදායමක් උපයා ගැනීමේ මාර්ගයක් බවයි. ක
ෙසෙල් වගාකරුවන්ට කැන් කැපීමෙන් පසු ඉවත් කරන කෙසෙල් කොළ මෙම කර්මාන්තය සඳහා යොදා ගත හැකිය. සෙන්ටිමීටර 45ක ප්‍රමාණයට සකස් කරන ලද කෙසෙල් කොළයක් සඳහා රුපියල් 4ක මිලක් ගෙවීමට මණ්ඩලය එකඟ වී සිටී.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟතාවය පළ කර ඇත. මෙමගින් පරිසර හිතකාමී ආහාර ඇසුරුම් ක්‍රමයක් ජනතාව අතරට ගෙන යාමටත්, ගොවි ජනතාවට අමතර ආදායම් මාර්ගයක් උදා කර දීමටත් අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval