difficult-to-get-a-car-wagonr-70-lakhs-ulto-50-vessel-190-reiz-155

 පෞද්ගලික භාවිතය සඳහා යොදාගන්නා වාහන ආනයනයට රජය අද සිට අවසර ලබා දී ඊට ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නමුත් අද සිට ආනයනයට අවසර හිමි වන වාහනවල මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගම් දෙකක් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරනු ලැබූ ඔවුන්ගේ ගණනය කිරීම් අනුව දළ වශයෙන් වාහන මිල ගණන් මෙසේයි.

දැනට රුපියල් ලක්ෂ 130 ක පවතින ටොයෝටා RAIZE රථයක නව මිල රුපියල් ලක්ෂ 155 ක් දක්වා ඉහළ යා හැකිය.

දැනට රුපියල් ලක්ෂ 175 ක් ලෙස මිල පවතින හොන්ඩා VEZEL රථයක් රුපියල් ලක්ෂ 10 ත් 15 ත් අතර මිලකින් ඉහළ යා හැකි අතර එම රථයක නව මිල රුපියල් ලක්ෂ 190 ක් දක්වා ඉහළ යා හැකිය.
එමෙන්ම WAGON R රථයක් රුපියල් ලක්ෂ 70 ක් පමණ දක්වා මිල ඉහළ යා හැකි අතර ජපන් ALTO මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 40 ත් 50 ත් අතර මිලක් දක්වා ඉහළ යා හැකිය.