
ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න ආල්විස් මහතා විසින් මිනී මැරුම් චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවන් එකොළොස් දෙනෙකු වරදකරුවන් කොට ඔවුන්ට මරණ දණ්ඩනය නියම කර ඇත.
2004 මැයි 29 වන දින ඌව පරණගම, ගලහගම ප්‍රදේශයේ පදිංචිව සිටි බන්දුල ජයවර්ධන තිසේරා (23) නමැති තරුණයා පොලු පහරින් මරා දැමීමේ සිද්ධියට අදාළව මෙම තීන්දුව ලබා දී තිබේ.
නීතිපතිවරයා විසින් සේනක රංජිත් ප්‍රේමරත්න, රොහාන් ජගත්, ගයාන් චමින්ද, පී.ඒ. නන්දකුමාර, අසංක සේනවිරත්න, සුනෙත් සංජීව රූපසිංහ, ආර්.පී.කේ. පතිරණ, ඩබ්ලිව්. සමන්ත, ඩබ්ලිව්.ඒ.පී. බණ්ඩාර, පී. හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික සහ මංජුල රත්නායක යන පුද්ගලයන් දහතුන් දෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.
නඩු විභාගය අතරතුර හත්වන විත්තිකරු වන ආර්.පී.කේ. පතිරණ මියගොස් තිබූ අතර, දොළොස්වන විත්තිකරු වන රුක්මන් ඉන්දික විදේශගතව සිටි නමුත් ඔහුද වරදකරුවන් අතර විය. කෙසේ වෙතත්, පළමු විත්තිකරු වන සේනක රංජිත් ප්‍රේමරත්න නිදොස් කොට නිදහස් කර ඇත.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු අනුව, පළමු විත්තිකරු මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරිය සමඟ පෙම්වතුන් ලෙස සිට ඇති අතර, ඇය කොළඹට රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත්, ඔහු විවාහක පුද්ගලයෙකු බව දැනගත් දෙමාපියන් තම දියණිය නැවත ගෙදරට ගෙන්වා ගෙන ඇත. ඉන් කෝපයට පත් පළමු විත්තිකරු රාත්‍රී කාලයේදී තවත් පිරිසක් සමඟ නිවසට කඩා වැද පොලුවලින් පහර දී ඇති අතර, එහිදී මෙම තරුණයා මියගොස් තිබේ.
වසර විස්සකට වැඩි කාලයක් පැවැති මෙම නඩුවේ නඩු වාර්තා පිටු 75 කින් සමන්විත වේ. රජය වෙනුවෙන් රාජ්‍ය නීතිඥ චිරස්ති සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන විමර්ශනයක් සිදු කර ඇති අතර, අධිකරණය විසින් සාක්ෂි සටහන් සියල්ල සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබා දී ඇත. විශේෂයෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් බහුතරයක් වරදකරුවන් බවට ඔප්පු වී ඇති අතර, එය සැලසුම් සහගත ලෙස සිදු කළ අපරාධයක් ලෙස අධිකරණය නිරීක්ෂණය කර ඇත.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට අයිතිය ඇති අතර, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට හැකියාව පවතී. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ලබා දී ඇති දඬුවම් සාධාරණ හා යුක්ති සහගත බව අධිකරණය අවධාරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval