
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුළදී (2022 අප්‍රේල් මස 01 වන දා සිට 2023 සැප්තැම්බර් මස 30 වන දා දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 3 සිට පැය 59 දක්වා ප්‍රමාද වී ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2022/2023 මූල්‍ය වර්ෂය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරීම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය අමෙරිකානු ඩොලර් 784,000ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
ප්‍රතිස්ථාපන ගුවන්vයානා නියමිත වේලාවට ලබාගැනීමට නොහැකි වීම, සේවා කළ නොහැකි දඥධ එන්ජින් ගොඩබිම පැවැතීම, ගුවන් යානා අමතර කොටස් ලබා ගැනීමට දිගු කාලයක් ගතවීම, සමාගමේ මුදල් තත්ත්වය යන කරුණු මෙකී ප්‍රමාදයන් සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබිණි.
ලලිත් රුහුණගේ
Comments
Post a Comment
Your comment will be visible after approval