
‘‘බල්ලන්ට හොඳට කළගුණ මතක තියෙනවා. ආණ්ඩුව තිබ්බත් නැතත් මෙයාලා මට හැමදාම නැට්ට වැනුවා. මට පාර්ලිමේන්තු යන්න බැරි වුණත් මෙයාල මට නැට්ට වනන බව මම දන්නවා. බල්ලන්ට කළගුණ මතක තියෙනවා. ඒ නිසා මම මේ ප්‍රදේශයේ ඉන්න බල්ලන්ට බලු කපුටු දානයක් දෙනවා යැයි ‘‘ හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පයාගල ප්‍රදේශයේ මාර්ගවල සැරිසරන බල්ලන්ට සහ කපුටන්ට ඊයේ (12) බලු කපුටු දානයක් දෙමින් එසේ පැවසීය.
කළුතර පයාගල පිහිටි හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ සිය මිතුරන් පිරිසක් ද සමඟ එක්ව දානය පිළියෙල කර කුඩා ලොරි රථයකින් ගොස් මාර්ගවල සැරිසැරූ සුනඛයන්ට සහ කපුටන්ට කැන්ද කොළවල දමා ආහාර ලබා දුන්නේය.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ‘බල්ලන්ට හොඳට කළගුණ මතක ඇති බවත් උන් හැමදාම තමන්ට නැට්ට වනන බවත්ය.
(පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval