
පොලිස් කොට්ඨාස භාර ප්‍රධානීන් සහ විශේෂ අංශවල අධ්‍යක්ෂ ධුර දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු එකොළොස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ස්ථාන මාරු නියෝග නිකුත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී ඇත.
අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩබ්.වී.ගිනිගේ මාතර පොලිස් ප්‍රධානියා ලෙසත්, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන මීගමුව පොලිස් ප්‍රධානියා ලෙසත්, මාතර පොලිස් ප්‍රධානී බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ගම්පොළ පොලිස් ප්‍රධානී ආර්.ජී.ඒ.බී. ගුණතිලක කැලණිය පොලිස් ප්‍රධානියා ලෙසත්,
මාතලේ පොලිස් ප්‍රධානී එල්.ආර්. ගමගේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සේවයේ නිරත ඩී.එස්.අයි.ඒ. අමරසිංහ පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, කැලණිය පොලිස් ප්‍රධානී එම්.එස්.කේ. වික්‍රමනායක මාතලේ පොලිස් ප්‍රධානියා ලෙසත්, වවුනියාව පොලිස් ප්‍රධානී කේ.එම්.ඒ. පෙරේරා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්,
පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්ෂ එච්.ජී.ඩී.එස්. අමරසිංහ අම්පාර පොලිස් ප්‍රධානියා ලෙසත්, පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩබ්.ඒ.සෝමරත්න වවුනියාව පොලිස් ප්‍රධානියා ලෙසත්, මීගමුව පොලිස් ප්‍රධානී එරික් පෙරේරා ගම්පොළ පොලිස් ප්‍රධානියා ලෙසත් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval