
පානදුර පින්වත්ත ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් මත්පැන් පානය කර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් මිතුරකුගේ පාදය වෙන්වෙන්න කපාදැමූ බව කියන තවත් මිතුරකු පින්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම පාදයේ කපාදැමූ කොටස මෙතෙක් සොයා ගැනීමටද නොහැකි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
තුවාලකරු සහ සැකකරු පින්වත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත් එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මන්නයකින් පාදයට සහ උරහිසට පහරදී ඇති බවටත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන මන්නා පිහියද පොලිස් භාරයට ගෙන ඇති නමුත් වෙන්වී ගිය පාදයේ කොටස සොයාගැනීමට නොහැකිව ඇති බව පොලිසිය කීය.
තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
(සම්පත් කුලරත්න - කළුතර)
Comments
Post a Comment
Your comment will be visible after approval