nesippaya-nesippaya-a-tamil-film-with-a-lot-of-disappointment

විෂ්ණු වරදන් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන "නෙසිප්පයා" මේ වනවිට ශ්‍රී ලංකාවේ තිරගත වන්නකි. 2025 තිරගතවන නවතම නිර්මාණයක් වන නමුත් ඒ ගැන ප්‍රතිචාර දුර්වලය. ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සපුරාලීමට අපොහොසත් වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. ආදරය හා අභිරහස් මුසු වූ මෙම චිත්‍රපටය සරල කතා මාතෘකාවක් සුවිශේෂී ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවද, එය සාර්ථක වී නොමැති බව පෙනේ.

චිත්‍රපටය ආරම්භ වන්නේ මධ්‍යම වයසේ මිනිසෙකු (ප්‍රධාන චරිතය වන අකාෂ් මුරලි) පාසල් බස් රථයකට තම මෝටර් රථය ගැටීමෙන් පසු, බස් රථයේ රියදුරුට තුවක්කුවක් එල්ල කරන දර්ශනයකිනි. යුවාන් ශංකර් රාජාගේ සංගීතයෙන් පිරිපුන් මෙම ආරම්භක දර්ශනය චිත්‍රපටයේ ස්වභාවය හඳුන්වා දෙයි.

කතාව අනුව, අර්ජුන් (අකාෂ්) තම හිටපු පෙම්වතිය වන දියා (අදිති ශංකර්) පෝච්චුගාලයේදී අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බව දැනගනී.

ඇය ව්‍යාපාරික ප්‍රභූවරයෙකුගේ පුත් වන කාර්තික් ආදිනාරායනන් (ජෝර්ජ් කොරා) ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වී තිබේ. කාර්තික්ගේ පියා වන ආදිනාරායනන් (සරත් කුමාර්) සහ මව වන වසුන්දරා (කුෂ්බු සුන්දර්) මෙම සිද්ධියෙන් දැඩි කම්පනයට පත්ව සිටිති.

චිත්‍රපටය ප්‍රධාන කතා මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරයි. එකක් අර්ජුන් සහ දියා අතර පැවති ප්‍රේම සම්බන්ධය හා ඔවුන්ගේ වෙන්වීම දක්වා සිදුවූ දේ විස්තර කරන අතර, අනෙක කාර්තික්ගේ ඝාතනය පිටුපස ඇති අභිරහස සොයා යන අර්ජුන්ගේ ගවේෂණයයි.

දියා බුද්ධිමත්, අධ්‍යාපනය ලබන තරුණියක් වන අතර, අර්ජුන් ළමා සිතිවිලි ඇති, වට්ස්ඇප් ස්ටිකර් යැවීම වැනි දේ හරහා තම ආදරය පෙන්වීමට උත්සාහ කරන පුද්ගලයෙකි. දියා තමන්ට දැනෙන දේ විවෘතව කියන චරිතයක් වන අතර, අර්ජුන් අධික ලෙස ඇය පසුපස හඹා යමින් ඇයගේ අවධානය දිනා ගැනීමට උත්සාහ කරයි.

අර්ජුන්ගේ අධික ආදරය හා පීඩනකාරී හැසිරීම නිසා දියා තම පෞද්ගලික අවකාශය ඉල්ලා සිටින නමුත්, ඇය එය පැහැදිලි කරන්නේ පෞද්ගලික අවකාශය යනු මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීමට ඇති අයිතිය පමණක් නොවන බව කියමිනි.



චිත්‍රපටයේ අවසාන හෙළිදරව්ව සමඟ එහි ඉතිරිව තිබූ ගුණාත්මකභාවය ද ගිලිහී යයි. සමාජීය ගැටලුවක් හුදෙක් නව්‍ය උපක්‍රමයක් ලෙස භාවිතා කර ඇති අතර, එම ගැටලුවට ගොදුරු වූවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොමැති වීම බරපතල අඩුපාඩුවකි.

අකාෂ් මුරලි සිය පළමු චිත්‍රපට චරිතය සාර්ථකව ඉටු කර ඇති අතර, ඔහු සටන් දර්ශන මෙන්ම සංවේදී ප්‍රේම දර්ශනවලදී ද කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කරයි. අදිති ශංකර් ද මෙම චිත්‍රපටයේදී වැඩි ආත්මවිශ්වාසයකින් යුතුව රඟපෑවද, අධික නාට්‍යමය අවස්ථාවලදී ඇයට තම හැකියාවන් මනාව පෙන්වීමට නොහැකි වී තිබේ.

විශ්නු වරදන්ගේ අධ්‍යක්ෂණය යටතේ චිත්‍රපටයේ දෘශ්‍ය විලාසය නවීන හා ආකර්ෂණීය වන අතර, අශ්ව ස්ථානයක සිදුවන සටන් දර්ශනය වැනි දර්ශන ප්‍රේක්ෂක අවධානය දිනාගනී. යුවාන් ශංකර් රාජාගේ පසුබිම් සංගීතය සහ "සොල් නී සොල්" හා "තොලංජ මනසු" වැනි ගීත චිත්‍රපටයට විශිෂ්ට එකතුවක් වුවද, දුර්වල තිර රචනය හමුවේ ඒවායේ බලපෑම අඩු වී යයි.
(බුවනේෂ් චන්දර් 'ද හින්දු' පුවත්පතට සැපයූ විචාරය ඇසුරිනි)