ishadi-amanda-wins-miss-world-title-in-2025

ලාස් වේගාස් නුවර පැවති 40 වන මිසිස් වර්ල්ඩ් සුන්දරී තරගාවලියේදී ශ්‍රී ලාංකික සුන්දරිය වන ඉෂාදි අමන්දා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් අනුශූරිය ලෙස කිරුළ දිනා ගැනීමට සමත් විය. දකුණු අප්‍රිකාව නියෝජනය කළ ෂේගෝ ගයිලේ ශූරතාවය දිනා ගන්නා ලද අතර, තායිලන්තය නියෝජනය කළ ප්ලොයි පැන්පර්ම් දෙවන අනුශූරිය ලෙස නම් කරන ලදී.

පසුගිය මාසයේ කොළඹදී පැවති ජාතික තරගාවලියෙන් මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ දිනාගැනීමෙන් පසු ඉෂාදි අමන්දා හට ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා විය. 2025 ජනවාරි 29 සහ 30 යන දෙදින තුළ නෙවාडා හි ලාස් වේගාස් නුවර පැවති මෙම ජාත්‍යන්තර තරගාවලිය විවාහක කාන්තාවන් සඳහා පැවැත්වෙන ප්‍රමුඛතම සුන්දරී තරගාවලිය ලෙස සැලකේ.

මිසිස් වර්ල්ඩ් තරගාවලිය 1984 වසරේදී "මිසිස් වුමන් ඔෆ් ද වර්ල්ඩ්" නමින් ආරම්භ වී ඇති අතර, 1988 දී "මිසිස් වර්ල්ඩ්" ලෙස නම් කරන ලදී. මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටා ඇත. මිසිස් ඇමරිකා තරගාවලියෙන් ආභාෂය ලබමින් මෙම ජාත්‍යන්තර තරගාවලිය බිහි වී ඇත.

වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය ඇතැම් වසරවලදී පැවැත්වීමට නොහැකි වී ඇත. 1985, 1990-1994, 1996-1998, 2004, 2010, 2012 සහ 2015 යන වසරවලදී තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. 2023 වසරේ මිසස් වර්ල්ඩ් කිරුළ ජර්මනියේ ජූලියා ෂ්නෙලේ විසින් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගත් කාන්තාවන් කිහිපදෙනෙක් සිටින අතර 1984 වසරේ රෝසි සේනානායක මහත්මිය විසින් දිනා ගන්නා ලදී
කැරොලින් ජූරි 2020 වසරේ කිරුළ දිනාගත් නමුත් පසුව කිරුළ අතහැරියාය.