
පුද්ගලයෙකු සිය දරුවන් සඳහා පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිලදී ගත් මාළු පාන් එකක් තුල ලයිටරයක කොටස් තිබීමේ සිද්ධියක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට පැමිණිලි කර ඇතත්,එම කාර්යාලයෙන් අදාල පැමිණිල්ල භාරගෙන නැතැයි අනාවරණය වේ.
පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු ඊයේ (08 වැනිදා) සිය පුතුන් දෙදෙනාට ආහාරය සදහා අදාල හෝටලයෙන් මාළු පාන් දෙකක් මිලදී ගෙන තිබේ.ඔහුගේ බාල පුතා මාළු පාන් කොටසක් ආහාරයට ගැනීමේදී ලයිටරයේ කොටසක් එහි තිබී ඇත.
මෙහිදී ළමුන්ගේ පියා ඒ මොහොතේම අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාව දැනුවත් කර ඇති අතර, ඔහු දැනුම් දී ඇත්තේ තමන් නිවාඩු බවත් ,
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සිද්ධිය වාර්තා කරන ලෙසය. ඒ අනුව ඔහු පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ඇතත්,ඔහුගේ පැමිණිල්ල එම කාර්යාලය විසින් බාරගෙන නැතැයිද අනාවරණය වේ.
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ එම මාළු පාන් ගෙඩිය මිලදී ගත් බේකරිය පානදුර නගර සභා සීමාවේ ඇති බේකරියක් බවත් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දෙන ලෙසය.
(සම්පත් කුලරත්න - වාද්දූව)
Comments
Post a Comment
Your comment will be visible after approval