
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනේ තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් නව ජංගම දුරකථන යෙදවුමක් අද (01) දින පොලිස් මූලස්ථානයේදී එළිදැක්වීය. මෙම යෙදවුම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
මෙම නව යෙදවුම මගින් මහජනතාවට මාර්ග නීති උල්ලංඝනය කිරීම් හා රථවාහන වැරදි සම්බන්ධයෙන් සජීවී ඡායාරූප හා වීඩියෝ සාක්ෂි සමඟ වහාම පැමිණිලි කිරීමේ හැකියාව ලබාදෙයි. පොලිස් මූලස්ථානය මගින් මෙම පැමිණිලි විමර්ශනය කර, අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කරනු ලබන අතර, විමර්ශන කටයුතුවල ප්‍රගතිය නිරන්තර අධීක්ෂණයට ලක් කෙරේ.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607ක සේවයේ නියුතු රථවාහන පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම, මාර්ග අනතුරු අවම කිරීමට මෙම යෙදවුම උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මහජනතාවට www.police.lk වෙබ් අඩවියේ E-services කොටසින් මෙම යෙදවුම නොමිලේ බාගත කර ගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටී. e-Traffic යෙදවුම ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකථන සඳහා පමණක් දැනට හඳුන්වාදී ඇත.
ඇප් එක බාගැනීමට යොමුව
https://srilanka-etraffic-app.vercel.app/
Comments
Post a Comment
Your comment will be visible after approval