
ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ අධිකරණ කලාපයේ ප්‍රමුඛතම විනිශ්චය ආසන සියල්ල කාන්තා විනිසුරුවරියන් විසින් හොබවනු ලබයි. වත්මන් අග්‍රවිනිශ්චයකාරවරිය වන මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකාවේ 48 වැනි අග්‍රවිනිශ්චයකාරවරිය මෙන්ම, මෙම තනතුරට පත් වූ දෙවැනි කාන්තාව ද වෙයි.
2025 ජනවාරි මස 01 වැනි දින සිට තනුජා ලක්මාලි මහත්මිය දිවයිනේ ප්‍රධානතම මහේස්ත්‍රාත් අධිකරණය වන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ලෙස සිය රාජකාරි කටයුතු ඇරඹුවාය.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොළඹ කොටුව නව මහේස්ත්‍රාත්වරිය ලෙස නිලුපුලී ලංකාපුර මහත්මිය පත් කර ඇත.
එමෙන්ම, ගල්කිස්ස නව මහේස්ත්‍රාත්වරිය ලෙස චතුරිකා ද සිල්වා මහත්මිය පත් කර ඇති අතර, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධුරය ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් දරනු ලබයි.
මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් යන තනතුරු සියල්ල කාන්තා විනිසුරුවරියන් විසින් දැරීම ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව දිසා විනිසුරු ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෑතකදී පත් කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval