colombo-and-kandy-only--the-presidential-palace

රාජතාන්ත්‍රික කටයුතු සඳහා ජනාධිපති මන්දිර දෙකක් පමණක් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය.
කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර පමණක් ඉහත කටයුතු වෙනුවෙන් පවත්වා ගෙන යන බව කී අමාත්‍යවරයා සෙසු ජනාධිපති මන්දිර වෙනත් ප්‍රයෝජනවත් කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බව සඳහන් කළේය.



ඒ සඳහා සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ පරිදි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන්ද අධ්‍යාපනය දියුණු කිරීම සහ කෞතුකාගාර වශයෙන් එම සෙසු මන්දිර භාවිත කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිර  කොළඹ කොටුවේ පිහිටි ප්‍රධාන ජනාධිපති මන්දිරය (රජගෙදර) හැර
රට පුරා පිහිටි අනෙකුත් ජනාධිපති මන්දිර  මහනුවර (හිටපු පිළිමතලාවේ අධිකාරම්ගේ වලව්ව), නුවරඑළිය (හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ විවේක නිවස), අනුරාධපුර (වැව් තාවුල්ලේ පිහිටි මන්දිරය), මහියංගණය, කතරගම, කෑගල්ල (ඩෝසන් බංගලාව), යාපනය (කන්කසන්තුරේ නව මන්දිරය)  හා අම්පාර ලාහුගල තිබේ.
 යාපනයේ සහ අම්පාර ලාහුගල නව ජනාධිපති මන්දිර 2014 තරම් මෑතක ඉදි විය.


යාපනය මන්දිරය සඳහා කෝටි දෙසීයකට අධික මුදලක් හා ලාහුගල මන්දිරය සඳහා කෝටි 110 ක් ඉදිකිරීම් වෙනුවෙන් වැය කිරීම ගැන එකල කථාබහට ලක්විය.