
ප්‍රේම සම්බන්ධයක් පැවති වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය කිරීම හා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධ චෝදනා දෙකකට වරදකරු වූ තරුණයෙකුට අත්හිටුවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කරමින් හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
ලුණුවිල, බොරලැස්ස පදිංචි එදිරිපුලිගේ ෂෙහාන් සචින්තක නම් 19 හැවිරිදි තරුණයා පසුගිය ජූනි 27 වැනි දින හෝ ආසන්න දිනක මානිංගල දුන්කන්නාව ප්‍රදේශයේදී අවුරුදු 15 යි මාස 5ක් වයසැති දැරියක දූෂණය කර ඇයව නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ඇත.
චූදිතයා අධිචෝදනා දෙකටම වරද පිළිගත් අතර, ඔහුට පෙර වැරදි නොතිබීම හා දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බව සැලකිල්ලට ගත් විනිසුරුවරිය, පළමු චෝදනාව වෙනුවෙන් වසරක බර වැඩ සහිත සිර දඬුවමක් ද, දෙවන චෝදනාව වෙනුවෙන් වසර දෙකක බර වැඩ සහිත සිර දඬුවමක් ද නියම කර ඒවා වසර පහක කාලයකට අත්හිටුවීය.
මීට අමතරව රුපියල් 40,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇත. දඩ මුදල් නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත සිර දඬුවම් විඳීමට නියම කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval