
වයස අවුරුදු 16ක දැරියක් කොළඹ බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවී තිබෙයි. බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් ඇය පැන තිබුණි.
දැරිය සිය දිවි නසාගෙන ඇත්තේ ලිපියක් ලියා තබා බව පොලිසිය කියයි.
ලිපිය ඇගේමදැයි යන්න ගැන පරීක්ෂණ පවත්වන අතර එහි සටහන් කරුණු මාධ්‍ය වෙත අනාවරණය නොකළේය.
පෙරේදා (10) රාත්‍රී කාලයේදී, වයස අවුරුදු 16ක පාසල් දැරිය නිවාස සංකීර්ණයෙන් බිමට පැන්න අතර බරපතළ තත්ත්වයේ පසුවූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති දැරිය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර
මියගිය දැරිය කලක පටන් මානසික ආතතියෙන් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව දැරියගේ මව පොලිසියට පවසා තිබේ. දැරියගේ මෘතශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙයි.
පොලිසිය අනුමාන කරන්නේ ඇගේ මානසික ගැටලු මත මෙය සියදිවිනසාගැන්මක් ලෙස සිදුකර ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval