
රියදුරු හිඟයක් හේතුවෙන් අද (17) දින උදෑසන සිට දුම්රිය ගමන්වාර දහයක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇත.
දුම්රිය පාලක මැදිරියෙන් ලබාදුන් තොරතුරු අනුව, ම
ෙම අවලංගු කිරීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට රියදුරන් සූදානම් වීමයි. මෙම විභාගය ජනවාරි 19 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා රියදුරන් අසූ දෙනෙකු පමණ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
ඔවුන් පාඩම් කිරීම සඳහා අසනීප නිවාඩු දමා ඇත්තේ රියදුරන්ගේ සේවාවේ ඇති වැදගත්කම පසෙක ලමිනි.
දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියේ මෙම තත්ත්වය හේතුවෙන් අද පස්වරුවේදී තවත් දුම්රිය ගමන්වාර පහළොවක් පමණ අවලංගු කිරීමට සිදුවිය හැකි බවයි. එමෙන්ම හෙට සහ අනිද්දා දිනවල ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
දුම්රිය රියදුරන් අසනිප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියැදුරන් පිරිසක් ද්විත්ව සේවා වාර වල නොයදන බව දැනුම්දීම හේතුවෙන් අද දින දුම්රිය ගමන් වාර 62ක් ධාවනය වීම අවනිශ්චිතවිය.
මේ හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියයන් අවලංගු වීම් හා ප්‍රමාදවීම් සිදුවිය.
කෙසේවෙතත් කළින් ආසන වෙන්කළ දුම්රියන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවන බව දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval