a-film-that-brings-spiritual-adventure-instead-of-the-heretic-scary-thief

'A Quiet Place' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන ස්කොට් බෙක් සහ බ්‍රයන් වුඩ්ස් විසින් නිර්මාණය කළ 'හෙරටික්' (Heretic) මේ වනවිට ලංකාවේ තිරගතවෙයි. 'හොරර්' ලෙස වර්ගීකරණය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යාත්මික හා මනෝවිද්‍යාත්ම ත්‍රාසජනක ගණයට අයත් වන අතර, අලෞකික බිය ජනක අවස්ථා වෙනුවට මානසික පාලනය, හැසිරවීම සහ මතවාදී චින්තනය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වී ඇත.

චිත්‍රපටයේ ආරම්භය සිදුවන්නේ සිස්ටර් පැක්ස්ටන් (ක්ලෝයි ඊස්ට්) සහ සිස්ටර් බාන්ස් (සොෆි තැචර්) නම් තරුණ කන්‍යා සොයුරියන් දෙදෙනෙකු බංකුවක වාඩි වී විශ්වාසය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවකිනි. ලිංගිකත්වය සහ අශ්ලීල දර්ශන පිළිබඳව කන්‍යා සොයුරියන් දෙදෙනා කරන සංවාදය මගින් ආගමික සම්ප්‍රදායන්හි දැඩි බව සහ සම්මතයන් පිළිබඳව විහිළුසහගත ඉදිරිපත් කිරීමක් සිදුකරයි.

ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ප්‍රචලිත කිරීමේ මෙහෙවර ඔවුන්ව මිස්ටර් රීඩ් (හියු ග්‍රාන්ට්) නම් පුද්ගලයාගේ නිවසට ගෙන යයි. මුලදී ඔහු පල්ලියට එක්වීම පිළිබඳව උනන්දුවක් දක්වන අතර මෝමන් ආගම ගැන කුතුහලයක් පෙන්වයි. කෙසේ වෙතත්, කන්‍යා සොයුරියන් දෙදෙනා ඔහුගේ නිවසට ඇතුළු වන විට, වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. මුල් හමුවේ තිබූ උණුසුම් බව වෙනුවට, ඔවුන්ට පිටව යාමට නොහැකි බව වටහා ගන්නා විට දැඩි පීඩාකාරී හා අසරණ හැඟීමක් ඇති වෙයි.




මිස්ටර් රීඩ්ට වෙනත් ගොදුරු බවට පත්වූවන් සිටින බව හෙළිවීමත් සමඟ චිත්‍රපටයේ බියජනක ස්වභාවය තවදුරටත් වැඩි වෙයි. පාලනය යනු එකම සත්‍ය 'ආගම' බව යන මිස්ටර් රීඩ්ගේ දර්ශනය සිස්ටර් පැක්ස්ටන් අවසානයේ වටහා ගැනීමත් සමඟ, ඔහු සැබෑ මතවාදියෙකු (හෙරටික්) ලෙස ස්ථාපිත වෙයි.

කුමන්ත්‍රණ න්‍යායන් හා අනුකරණ න්‍යායන්වල රසිකයින්ට මිස්ටර් රීඩ්ගේ න්‍යායන් විනෝදජනක වනු ඇත. 'සමනළ සිහිනය', 'අනුකරණ විශ්වය', හෝ 'යාච්ඤා පරීක්ෂණය' වැනි පරීක්ෂණ හා උපකල්පන රැසක් චිත්‍රපටය තුළ සඳහන් වෙයි.


ක්ලෝයි ඊස්ට් සිය චරිතය වන සිස්ටර් පැක්ස්ටන් සංවේදී හා අහිංසක ස්වභාවයකින් නිරූපණය කරන අතර, සොෆි තැචර්ගේ සිස්ටර් බාන්ස් චරිතය තියුණු බුද්ධියකින් හා දැඩි අධිෂ්ඨානයකින් යුක්ත වේ.

හියු ග්‍රාන්ට් මිස්ටර් රීඩ් ලෙස අමතක නොවන රංගනයක් ඉදිරිපත් කරයි. ඔහුගේ සාමාන්‍ය සුහද චරිත වලට වඩා මෙම චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර,

ක්‍රිස්තියානි ආගම යනු යුදෙව් ආගමේ අනුකරණයක් බව මොනොපොලි ක්‍රීඩාව ලෑන්ඩ්ලෝර්ඩ්ස් ගේම් හි අනුකරණයක් වන ආකාරයට සමාන කිරීම වැනි ඔහුගේ උපමා චතුර හා අසීරු බවින් යුක්ත වේ.

සමස්තයක් ලෙස 'හෙරටික්' යනු හොරර් චිත්‍රපට ගණයට සාර්ථක එක්වීමක් ලෙස නම් කළ හැකිය, එහි උද්වේගකර කථා නිරූපණය සහ විශිෂ්ට රංගන දක්ෂතා නිසා චිත්‍රපටය නැරඹීමෙන් පසුව දිගු කලක් සිතෙහි රැඳී පවතිනු ඇත. සාමාන්‍ය බිය ජනක අවස්ථා (jump scares) වෙනුවට මනෝවිද්‍යාත්මක ත්‍රාසය කැමති ප්‍රේක්ෂකයින්ට මෙම චිත්‍රපටය අතපසු නොකළ යුතු එකක් වනු ඇත.

මෙය හුදෙක් බයකරන හොරර් චිත්‍රපටයක් නොව, පාලනය, විශ්වාසය සහ අහිංසකත්වයේ සුකුමාල බව පිළිබඳ අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. චිත්‍රපටය නැරඹීමෙන් පසු ප්‍රේක්ෂකයින්ට තමන් තෝරා ගන්නා දොරටුව කුමක්ද යන්න පිළිබඳව සිතා බැලීමට සිදුවනු ඇත.
(විශ්නාවි රනා - Elle සඟරාවට ලියූ ලිපියක් ඇසුරිනි)