
ප්‍රවීණ පුවත්පත් කලාවේදී චන්ද්‍රසිරි කටුදෙණිය මහතා ඇමරිකාවේදී අභාවප්‍රාප්තවී තිබේ. එරට නිවසේදී මියයනවිට ඔහු 66 වන වියෙහි පසුවිය. ගවේෂණාත්මක මාධ්‍ය විශේෂාංග ලිපි රචනයෙහි සමතෙකු වූ කටුදෙණිය මහතා ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර තිබේ.
මාතලේ කටුදෙණිය උපන් චන්ද්‍රසිරි කටුදෙණිය මහතා මාතලේ, හිඟුරක්ගොඩ හා හාරිස්පත්තුව පාසල්වල ඉගෙනීම් කළ අතර 1978දී කැලණිය සරසවියට ඇතුළත්වී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය.
මුල් කාලීනව කාව්‍ය රචකයෙකුවූ ඔහු සරසවියේදී තීරු ලිපි රචකයෙකුද විය. ඔහු කැලණිය සරසවියේ ජනසන්නිවේදනය හැදෑරුවේය. අනතුරුව ඔහු පුවත්පත් කලාවට පිවිසෙන්නේ දවස පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස එක්වෙමිනි. අනතුරුව 1981 සිට ඔහු දවස ආයතනයේ ස්ථිර පත්වීමක් ලබන්නේය.1986 දී දිවයින පුවත්පතට ඔහු සම්බන්ධ වන්නේය. දිවයින පුවත්පතේදී ඔහු ලියූ විශේෂාංග ලිපි නිසා ඔහුගේ නම බොහෝ අයගේ මතකයේ රැඳිණි. කටුදෙණිය මහතා ඉරිදා පෙරමුණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස අනතුරුව සම්බන්ධ වන්නේය.
දේශපාලන බලපෑම් මත පුවත්පත වසාදමන තෙක් එහි කටයුතු කරමින් සිටියේය.
අනතුරුව ඔහු පුවත්පත් කලාවෙන් තරමක් බැහැර වන අතර ඇමරිකාවට සංක්‍රමණයවී සිය බිරිය හා දරු දෙන්නා සිටින පවුලේ අය සමග එක්ව එහි ගත කරන්නේය. ඇමරිකාවේ සිටින පුතුගේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙමින් එහි කටයුතු සිදුකරන අතර ඔහු වරින්වර පුවත්පත් වලට ලිපි ලියා තිබුණි.
කටුදෙණිය මහතා දෙදරු පියෙකි. පුතා ව්‍යාපාර අධ්‍යයන උපාධියක් ලබා ඇමරිකාවේ ව්‍යාපාරයක් පවත්වා යන්නේය. දියණිය ඇමරිකාවේ සේවය කරන වෛද්‍යවරියකි.
Comments
Post a Comment
Your comment will be visible after approval