the-central-expressway-will-be-completed-within-5-years

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පැවසීය.



"මධ්‍යම අධිවේගයේ කඩවත මීරිගම කොටස අවුරුදු 3 කට කලින් නතර වෙලා තියෙනවා. එයිනුත් කොටස් කීපයක් කඩා වැටිලා තියනවා. භාණ්ඩාගාරයෙන් බිලියන  හතයි දශම ගණනක් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. එය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. චීනයේ එක්සිම් බැංකුව මේ වෙනුවෙන් දීපු ණයට සහනයක් දෙන්න කැමති වෙලා තියයනවා. ඔවුන් ළඟදි එනවා.

ඔවුන් සමග කතා කරලා ඉතිරි කොටස හදන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ කිව්වෙ කඩවත මීරිගම කොටස ගැන ඊළඟට මීරිගම කුරුණැගල කොටස හදලා ඉවරයි.
ඊළඟට පොතුහැර රඹුක්කන කොටස හදමින් පවතිනවා. රඹුක්කන ගලගෙදර කොටසේ ඉඩම් අත්පත් කරගැනීම් කරමින් පවතින්නේ මේ කොටස් ඉවර කරල අවුරුදු 5 ක් ඇතුළත මධ්‍යම අධිවේගය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අතරමග නවතපු ව්‍යාපෘති ගොඩක් තියනවා. ඒවා එකින් එක ඉවර කරන්න අපේක්ෂා කරනවා.


උතුරේ භාන්ඩ දඹුල්ල දක්වා ගෙනියන අධිවේගී මාර්ග යෝජනාවී තිබෙනවා. නමුත්
මේ තියන ආර්ථික තත්වය ඇතුළත ඉදිරි වසර 2 තුළ නව අධිවේගී මාර්ග සදහා අප ආයෝජනය කරන්න හැකියාවක් නැහැ. උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයක් කරනවා.
ඒවගේම රටේම මාර්ග සංවර්ධනයත් අපි විධිමත්ව කරනවා. විගණනය අත්‍යවශ්‍යයි ඕනෑම ආණ්ඩුවක ව්‍යාපෘති වලට නාස්තිය වෙනවා. මේ විගණන කණ්ඩායම් අපි පත්කරනවා. ඒ අනුව නාස්තිය අවම කරනවා."