
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සිව් දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන සෝභිත රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් අබේකෝන් මහතා සහ සම්පත් විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Comments
Post a Comment
Your comment will be visible after approval