
අවුරුදු තුනක දරුවකුගේ පාදයේ ඇගිල්ලක් පිහියකින් කැපුවේ යැයි කියන මවක අත්අඩංගුවට ගත් බව බිබිල පොලිසිය සදහන් කළේය.බිබිල ඉලුකාපතන ප්‍රදේශයේ තුන් හැවිරිදි දරුවකු කැපුම් තුවාල සහිතව මිත්තණිය සමග බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
බිබිල රෝහල් පොලිසිය කළ දැනුම්දීමට අනුව දරුවාගේ ඇඟිල්ල කැපුවේ යැයි කියන 22 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන පෙරේදා (6) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය ප්‍රකාශ කළේය. දරුවාගේ මිත්තණිය පොලිසිය සමග පවසා ඇත්තේ තම බෑනා දරුවා වඩාගෙන බිරිඳ කොල්ලගේ කකුල කපලා යැයි කෑගැසූ බවත් ඒ සමගම බිබිල රෝහලට දරුවා රැගෙන බෑනා හා තමා ගොස් දරුවා සමග තමා රෝහලේ නතර වූ බවත්ය.
(ජිනපාල දිසානායක)
Comments
Post a Comment
Your comment will be visible after approval