
කලක සිට මහජනතාවට විශාල හිංසා කරමින් එළුවන්, එළදෙනුන්, කුකුළන් මිනිසුන් රැසක් මරා දැමූ අඩි 20ක් පමණ දිග යෝධ කිඹුලකු අද අලුයම මඩකළපුව මූලස්ථාන පොලිස් වසමට අයත් පුලියන්තීවු වාවිකරේ පාර 2 ප්‍රදේශයේදී පණපිටින් අල්ලාගෙන තිබේ.පසුගිය දින කිහිපයේ මඩකළපුව ප්‍රදේශයේ ගඟේ දක්නට ලැබුණු මෙම කිඹුලා අද අලුයම 1.00ට පමණ ගොඩබිමට පැමිණියා. එවිටම මහජනතාව කිඹුලා අල්ලා ගත්හ.
කිඹුලා ඇල්ලීමෙන් පසු කිඹුලා බැලීමට විශාල පිරිසක් රැස්ව සිටි අතර මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභූ කන්දසාමි මහතාද එම ස්ථානයට පැමිණියේය.අල්ලා ගත් කිඹුලා දිස්ත්‍රික් වනජීවී දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දෙන ලදී.පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ මඩකළපුව ජල පෝෂක ප්‍රදේශයේ කිඹුලන් බෝවීම ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval