
හතරලියද්ද පොලිස් බල ප්‍රදේශයේ, දේදුනුපිටියේ නිවසක සිටි වයස අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති ගැහැනු දරුවකු ගෙමිදුලේ පොකුණට වැටී මරණයට පත්ව ඇත.
දියණියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාල දියණිය වන කැමිලි මානික්‍යා ගුණසේකර සිය සීයා සහ දරුවන් බලා ගැනීමට සිටි සේවිකාවන් දෙදෙනා ද සමග නිවසේ සිටිදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත.
සේවිකාවන් දෙදෙනා දරුවා පෙනෙන්නට නොසිටි බැවින් කලබල වී සොයා බලන විට අඩියක් පමණ ජලය තිබුණු ගෙමිදුලේ පොකුණට වැටී සිටියදී වහාම රඹුක්කන මහ රෝහලට රැගෙන ගොස් ඇත. ඒ යන විටත් දරුවා මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය නිලධාරී එස්. සුරංග මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දියේ ගිලීමෙන් හුස්ම හිරවී මෙම මරණය සිදු වී ඇති බවට තීරණය කළේය.
මරණයට පත්වූ මෙම දරුවාගේ මව ග්‍රාම සේවා නිලධාරිනියක වන අතර, පියා වෙළෙඳ ව්‍යාපාරිකයෙකි.

Comments
Post a Comment
Your comment will be visible after approval