
පදිංචි ඉඩමේ දේවාලයක් කරගෙන යන මුවාවෙන් නිධානයක් හාරමින් සිටි කාන්තාවක ඇතුළු සිවු දෙනකු මේ මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්රාත්වරයා පෙරේදා (30) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ තණමල්විල, කුඩාඔය, පරාක්රමපුර ප්රදේශයේ පදිංචි දේවාලයක කාන්තාවක සහ තවත් පුද්ගලයන් තිදෙනෙකි.
එලෙස රක්ෂිත බන්ධානාගරගත කළ එක් සැකකරුවකු ගුවන් හමුදාවේ හිටපු සෙබළකු වන අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා කුඩාඔය ප්රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් වයස අවුරුදු 42, 38 සහ 39 යන වියෙහි පසුවන අය වෙති.
තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කර සැකකරුවන් හා නිදන් හෑරීමට යොදාගත් උපකරණ ද අත්අඩංගුවට ගෙන තිබේ.
(සූරියවැව- නුවන් ජයසේකර සහ ඌව වෙල්ලස්ස- ඩී. එස්. ගුණතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval