
වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දින කිහිපයක සිට ගල් ප්‍රහාර එල්ල කළ බව කියන තරුණයින් 13ක් සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලීසිය පවසයි.
මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ තාවකාලිකව දෙමහල් නිෙවසක නවාතැන් ගෙන සිටින අම්පාර, ගාල්ල, අම්බලන්ගොඩ හා දික්වැල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයන් පිරිසකි.
ඔවුන් කොරියන් රටේ රැකියාවලට යෑම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදාරන සිසුන් පිරිසක් බවද පොලීසිය පවසයි.
දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවට වාද්දුව පොලීසියට ද පැමිණිලි ඉදිරිපත් වී තිබී ඇති බවද සඳහන් වේ.
එම තත්ත්වය පිළිබඳව වාද්දුව පොලීසිය හා ප්‍රදේශවාසී ජනතාව මුළු රාත්‍රිය පුරාම එම නිවාසවලට ගල් ගසන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර, පසුගියදා (18) රාත්‍රි ප්‍රදේශයේ වහලවලට නැඟ සැඟව සිට නිරීක්ෂණය කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් අල්ලාගෙන තිබේ.
තමන් මෙම ගල් ප්‍රහාරය සිදුනොකළ බවට සිසුන් ප්‍රකාශ කරන බව ද පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සියලු දෙනා ඊයේ (19) විභාගයකට ඉදිරිපත් වීමට නියමිතව සිටි බැවින් පොලිස් ඇප මත මුදාහරින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. (පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval