
විසිපස් හැවිරිදි තරුණියකට අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සංගීත විශාරදවරයකු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ නුගේගොඩ පදිංචිකරුවෙකි.දෙහිවල කළුබෝවිල පදිංචි පැමිණිලිකාරිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඉකුත් 23 වැනිදා කළ පැමිණිල්ලක් නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කෙරිණි.
පැමිණිලිකාර තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කෙරිණි. සිද්ධිය බැහැර කළ නොහැකි බවත් මෙම සිද්ධියෙන් ඇය මානසික වශයෙන් අපහසුතාවට පත්ව ඇති බවත් වෛද්‍ය වාර්තාවේ දැක්වේ.සිද්ධියට අදාළ සියලු සාක්ෂි නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය කළ විමර්ශනවලදී සොයාගෙන ඇතැයි කියති.සැකකරුට වරද කියාදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. සැකකාර සංගීත විශාරද වෙනුවෙන් නීතිඥ සුනීතා නානායක්කාර මහත්මිය පෙනී සිටියාය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
Comments
Post a Comment
Your comment will be visible after approval