transformer-ampara

අම්පාර නග­රයේ ට්‍රාන්ස්ෆෝ­ම­ර්වල කම්බි කැපී­මට ගිය පුද්ග­ල­යකු වොල්ට් 30,000ක අධි විදු­ලි­සර වැදීම හේතු­වෙන් මිය ගොස් ඇතැයි අම්පාර පොලී­සිය පව­සයි.



මෙලෙස විදු­ලිය සැර වැදී මිය­ගොස් ඇත්තේ අම්පාර, නව­ග­ම්පුර ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යෙකි. මර­ණ­කරු ඉකුත් 26 දින අලු­යම 2.00ට පමණ තවත් පිරි­සක් සමඟ අම්පාර කාර්මික ප්‍රදේ­ශයේ විදු­ලිය බෙදා­හ­රින ස්ථාන­යක තඹ කම්බි කැපී­මට පැමිණ ඇති අතර, එහිදී කම්බි ඇති ස්ථාන­යට නැඟ තඹ කම්බි කැපී­මට උත්සාහ කරන අව­ස්ථාවේ ඔහුට විදු­ලි­සර වැදී එල්ලි සිටි බව අවට ගම්වැ­සියෝ කියති. පසුව අවට පිරිස් විදු­ලි­බල මණ්ඩ­ලය සහ පොලී­සිය දැනු­වත් කර ඇති අතර, විදු­ලි­බල මණ්ඩ­ල­යෙන් සහ පොලී­සි­යෙන් පැමිණ විදු­ලිය විසන්ධි කර ඔහු බිමට රැගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු මිය­ගොස් සිටි බව පොලී­සිය සඳ­හන් කරයි.

මීට මාස 2කට පමණ පෙර අම්පාර විදු­ලි­බල මණ්ඩ­ලය පව­ත්වා­ගෙන යන ට්‍රාන්ස්ෆෝ­ම­ර්වල පොළො­වට සම්බන්ධ කර ඇති භූගත රැහැන් 17ක් කිසි­යම් කණ්ඩා­ය­මක් විසින් කපා­ගෙන ගොස් ඇති බව

විදු­ලි­බල මණ්ඩ­ලයේ ප්‍රාදේ­ශීය විදුලි ඉංජි­නේරු ප්‍රභාත් සෙනෙ­වි­රත්න මහතා අම්පාර මූල­ස්ථාන පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත. පසුව විදු­ලි­බල මණ්ඩ­ලයේ නිල­ධා­රීන් අම්පාර නග­රය අවට ඇති ට්‍රාන්ස්ෆෝ­මර් පරීක්ෂා කර ඇති අතර, ට්‍රාන්ස්පෝ­මර් 17ක භූගත රැහැන් කපා­ගෙන ගොස් ඇති බව එහිදී හෙළි වී තිබේ.
(වසන්ත චන්ද්‍ර­පාල)