
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මතයට පටහැනිව කටයුතු කරමින් පසුගිය මහ මැතිවරණයේදී ස්වාධීන දේශපාලන පක්ෂවලින් මැතිවරණයට තරග කළ එම පක්ෂයේ සියලුම සාමාජිකයන්ව පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා (14දා) වවුනියාවේදි රැස්වූ අතර එහිදී මෙම තීරණය ගත් බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම් ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.
පක්ෂයේ වත්මන් නායකත්වය සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී වාද විවාද ඇතිවූ බව පැවැසු ඒ මහතා පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියකින් දැනුම් දී ඇති බැවින් මීළඟ පක්ෂ සම්මේලනය තෙක් පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී දෙමළ ජනතාව පාර්ශ්වයෙන් යෝජනා භාරදීම දෙමළ ජනතාවගේ ප්‍රධාන පක්ෂය වශයෙන් තම පක්ෂය සිදුකරන බවයි.
ලක්ෂ්මී ජයකොඩි
Comments
Post a Comment
Your comment will be visible after approval