
ශ්‍රී පාද වන්දනාවේ ගිය කාන්තාවක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු අද (29) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා දමයන්ති නැමති (57) හැවිරිදි කාන්තාවකි.
ජීවිතක්ෂයට පත් කාන්තාව ඊයේ (28) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කළ අවස්තාවේ සීත ගඟුලට ඉහලින් පිහිටි තැන්න ප්‍රදේශයේ දී හදිසියේ රෝගාතුර වීම නිසා එම කාන්තාව නල්ලතන්නිය වෙත රැගෙනවිත් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබෙයි.
මියගිය කාන්තාවගේ සිරුර දික්ඔය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර ඥාතින් වෙත භාරදෙන බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval