
දුම්රිය හා බස් රථවල ගීත ගායනය ජීවිකාව කර ගත් පුද්ගලයකු මරදාන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයේ නවතා යළි ගමන් ඇරැඹීමත් සමඟ දුම්රියට නැගීමට උත්සාහ කිරීමේ දී දුම්රියෙන් ඇද වැටී ඊට යට වීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මොරටුව, අඟුලාන, සමුද්‍රාසන්න පාර, අංක 427 හි පදිංචිව සිටි හේවා ෆොන්සේකාගේ නිශාන්ත ෆොන්සේකා නමැති 42 හැවිරිදි දුම්රිය හා බස් රථවල ගීත ගායනයෙන් තම ජීවිකාව රැක ගන්නා පුද්ගලයකු බවද පොලිසිය කියයි.
මෙදින පෙරවරුවේ මරදාන සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය පෙ.ව. 9.10ට පමණ දුම්රිය ස්ථානයට පැමිණ යළි ගමන් ඇරැඹීමත් ගීත ගායනයට අවශ්‍ය සංගීත භාණ්ඩ සමග දුම්රියට නැගීමට උත්සාහ කිරීමේදී ඇද වැටී දුම්රියට යට වී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදීමට සිදු වී ඇත.
මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුප්‍රියන් මහතා සිදුකරනු ලැබ ඇති අතර මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු බන්දුල ප්‍රසන්න මහතා විසින් සිදු කරනු ලැබ මෘත ශරීරය දිවුරුම් ප්‍රකාශයක් මගින් මියගිය අයගේ සොයුරියක් වෙත භාර දෙනු ලැබ ඇත.
වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණය මත පො.සැ. (68142) ප්‍රදීප් කුමාර මහතා විසින් සිදු කරගෙන යයි.
(පින්සිරි ආරියරත්න රත්මලාන)
Comments
Post a Comment
Your comment will be visible after approval