
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙමගින්
1.සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම
2.විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම
3.සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම
ඇතුළු යෝජනා රැසකි.
සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක් වන මෙම ව්‍යාපෘතිය සඳහා බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.