
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිකරගත් මොහොමඩ් නිසාම් කාරියප්පර් අද (18) රැස්වූ පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
මොහොමඩ් නිසාම් කාරියප්පර් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සජබට සම්බන්ධවූ මන්ත්‍රීවරයෙකි.
මෙම ජාතික ලැයිස්තු අසුන ලබාගැනීම වෙනුවෙන් මුස්ලිම් කොංග්‍රසය උසාවියටද ගිය අතර සජබට එරෙහි වාරණ නියෝගයක්ද ගත්තේ ගිවිසුම කඩ නොකරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව මොහොමඩ් නිසාම් කාරියප්පර් හිමි ආසනය ලබාගත හැකිවිය.
මෙම දිවුරුම්දීමත් සමග ජාතික ලැයිස්තු ආසන සියල්ලද පුරවා ඇති අතර පාර්ලිමේන්තුවේ 225 දෙනාම දැන් දිවුරුම්දී අවසන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval