
10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (17) දින උදෑසන දිවුරුම් දෙනු ලැබීය.
ඒ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා ඉදිරියේය.
එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල්, සහ මනෝ ගනේෂන් මහතා ද අද උදෑසන නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval