netherland-jobs-manusha-brother

 විදේශ රැකි­යා­වක් ලබා දෙන බව පවසා පුද්ග­ල­ය­කු­ගෙන් රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් ලබා ගෙන එකී මුදල වංචා කළැයි අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මුල්‍ය අප­රාධ විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් හිටපු අමා­ත්‍ය­ව­ර­යකු වන මනුෂ නානා­ය­ක්කාර මහ­තාගේ සොහො­යුරා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහේ­ස්ත්‍රාත් පද්මා අම­ර­තුංග මහ­ත්මිය ඊයේ (29) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරනු ලැබුවේ ගාල්ල වංචා­වල පදිංචි තිසර නානා­ය­ක්කාර නමැ­ත්තෙකි.

අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මුල්‍ය අප­රාධ විම­ර්ශන අංශ­යට යක්කල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව මූලික විම­ර්ශ­න­ව­ලින් අන­තු­රුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බව එම දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

ෙම සැක­කරු නෙද­ර්ල­න්තයේ රැකි­යා­වක් ලබා දෙන බව පවසා පැමි­ණි­ලි­ක­රු­ගෙන් රුපි­යල් ලක්ෂ 40ක මුද­ලක් ඉල්ලා ඇති බවත්, එහි දී පැමි­ණි­ලි­කරු රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් අවස්ථා දෙක­කදී ගාල්ල ප්‍රදේ­ශයේ බැංකු­ව­කට බැර කර ඇති බවත් අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

මෙම සැක­කරු හිටපු අමාත්‍ය මනුෂ නානා­ය­ක්කාර මහ­තාගේ පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බද ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කර ඇති බවත් පසුව එම තන­තු­රින් ඉවත්ව විදේශ රැකියා ලබා දෙන ආය­ත­න­යක් පව­ත්වා­ගෙන යමින් මෙම මුදල් වංචා කර ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කළේය. මෙම සැක­කරු අදාළ ලේකම් තන­තු­රින් ඉවත් වුවද එම හැඳු­නු­ම්පත භාවිත කර ඇති බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.


මෙම සැක­ක­රුගේ බැංකු ගිණුම් පරී­ක්ෂාවේ දී ඉකුත් 2019 වසරේ සිට 2024 දක්වා කාලය තුළ දී පුද්ග­ල­යන් 28 දෙන­කු­ගෙන් රුපි­යල් කෝටි 27කට ආසන්න මුද­ලක් බැරවී තිබූ බවට හෙළිවූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කළේය. එමෙන්ම සැක­කරු අවස්ථා කිහි­ප­ය­කදී එම මුදල නැවත ලබා­ගෙන ඇති බවත් අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.


මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී ඔහු පදිංචි ප්‍රදේ­ශය මඟ හැර සිටි බව ද රහස් පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. සැක­කරු ඇප­මත මුදා හැරි­ය­හොත් විම­ර්ශ­න­ව­ලට මෙන්ම පැමි­ණිලි පාර්ශ්ව­යට ද බාධා­වන් ඇති විය හැකි බැවින් ඔහුව රිමාන් භාර­යට පත් කරන ලෙසද එම නිල­ධා­රීහු වැඩ බලන මහේ­ත්‍රා­ත්ව­රි­ය­ගෙන් ඉල්ලා සිටි­යේය.

සැක­කරු වෙනු­වෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර, නිතීඥ ශාන් ගොඩ­කු­ඹුර යන මහ­ත්වරු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මුල්‍ය විම­ර්ශන අංශයේ නිල­ධා­රීහූ පැමි­ණිල්ල මෙහෙය වූහ.
(ගම්පහ - උපාලි රණ­වීර)