
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරකින් මුදාගත් ශ්‍රී ලංකිකයන් 27 දෙනා පසුගියදා(16) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියහ.
තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා සඳහා ගොස් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරකරුවන්ව සිටි මේ පිරිස මුදාගනු ලැබුවේ පසුගිය සතියේදීය. සයිබර්
කඳවුරෙන් මුදාගත් ඔවුන් තායිලන්තය වෙත රැගෙන ගොස් තිබිණි. එහි සිට මේ පිරිස මෙරට බලා පැමිණියේ 16 සවස 4.10ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්සන ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙනි. මේ පිරිස සයිබර් කඳවුරෙන් මුදාගෙන මෙරටට රැගෙන ඒමට මුල්වූ මාලිගාවිල අස්සජි හිමියෝද මේ ශ්‍රී ලාංකිකයන් පිරිස පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණයහ. මාලිගාවිල අස්සජි හිමියෝ ගුවන්තොටුපොළේදී මාධ්‍ය අමතමින් ඒ ගැන මෙසේ සඳහන් කළහ.“මම තනි පුද්ගලයකු වශයෙන් මියන්මාරයේ ඒ කඳවුරට ගිහින් දින 14ක ද
ැවැන්ත උත්සාහයකින් පසුව මේ ශ්‍රී ලාංකිකයන් පිරිස බේරාගෙන තායිලන්ත දේශසීමාව වෙත රැගෙන විත් භාරදුන්නේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් අතර සිටි නේපාල ජාතිකයන් 6 දෙනෙකු සහ රුසියානු සහ මැලේසියානු ජාතිකයකුත් මම බේරාගෙන ආවා.
මේ තරුණ දරුවෝ අවුරුදු දෙකක්, දෙකහමාරක් මේ කඳවුරුවල දුක් ගැහැට මැද සිටියා. තවත් ශ්‍රී ලාංකික දරුවන් 14 දෙනෙකු තවමත් ඒ කඳවුරුවල ඉන්නවා. මම මේ දරුවන් බේරා ගැනීමට මුදල් ලබා ගත්තා කියා ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත් මම ප්‍රතික්ෂේප කරනවා. ඉතිරි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට අපගේ රජයේ ජනාධිපතිවරයා හෝ අගමැතිනිය මගෙන් ඉල්ලීමක් කළොත් ඒ සඳහා ඉදිරිපත් වී කටයුතු කිරීමට මම සූදානමින් සිටිනවා.”
මේ ශ්‍රී ලාංකිකයන් පිරිස තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට සහ එතැන් සිට ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration) බර පැන දරා තිබිණි.
මේ සංවිධානය මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙක් පසුගිය අප්‍රේල් 18 වැනිදාත් 22ක් නොවැම්බර් 6 වැනිදාත් මෙරටට ගෙන ඒමට මැදිහත්ව තිබිණි.
(කටුනායක - ටී.කේ.ජී. කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval